සබීනා නීසා : මරා දැමුණු ලන්ඩන් ගුරුවරිය කළ වරද කුමක්ද..?

0
289

පසුගිය සතියේ ලන්ඩන් නුවර සලිත වී ගියේ 28 හැවිරිදි පෙර පාසල් ගුරුවරියක අමානුෂික ලෙස ඝාතනය කිරීම නිසා ය.රාත්‍රී 8.45 ට පමණ දකුණු දිග ලන්ඩනයේ පිහිටි සිය නිවසින් පිටත් වන ඇය, පබ් එකක් වෙත ගියේ සිය මිතුරියක හමුවීමට ය. එම මිතුරු හමුව සිදුවූ ස්ථානයට ඇගේ නිවසේ සිට තිබුණේ විනාඩි 5 ක පමණ දුරකි.

අත්අඩංගුවට ගත් 38 හැවිරිදි සැකකරුවෙක්, රිදී පාට නිසාන් මෝටර් රියක් සහ තවමත් නිදැල්ලේ සිටින සැකකරුවන් මේ කතාවේදී අපට හමු වේ.

අලුත විවාපත් වූ යුවතියක වූ සබීනා කලබලකාරී ලන්ඩනයෙන් මිදී නිස්කලංක ලෙස ජීවත් වීමට ප්‍රිය කරමින් එම නිවසේ පදිංචියට පැමිණ තිබුණාය. එම ස්ථානයේ සිට සෙන්ට්‍රල් ලන්ඩනයේ දුම්රිය පොළට ඇත්තේ විනාඩි 20 ක දුරකි.
අවසානයේ ඇගේ මළ සිරුර හමුවන්නේ නිවසට යාබද උද්‍යානයක තිබී ය. එම ස්ථානය ද සබීනා සහ ඇගේ මිතුරියන් නිතර යන එන තැනකි. එහි සුරක්ෂිත බවක් වුනි යැයි ඔවුහු කියති.

සතියක් මුළුල්ලේ සබීනා වෙනුවෙන් ලන්ඩනය වැළපෙයි. ඇයව දැන සිටි සහ නොදැන සිටි මිනිස්සු ඇගේ ඝාතනය සිදුවූ උද්‍යානය සුදු මලින් සරසති. ඉටිපහන් දල්වති. සබීනාගේ පවුලේ අය වෙනුවෙන් ශෝකය පළ කරන සටහන් තබා යති.

එතැනට පැමිණෙන, උද්‍යානය අසල ප්‍රධාන පාරේ ඇගේ මරණය නොව ජීවිතය සමරමින් වැළපෙන බොහෝ අය කාන්තාවෝ ය. ඔවුහු ශෝකයකින් පමණක් නොව කෝපයකින් ද, වික්ෂිප්ත අනාරක්ෂිත බවකින් ද වෙළී ගොස් සිටිති. ‘‘මේ දේ හෙට මට වෙන්න පුළුවන්..‘‘ ඔවුහු කොඳුරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here