සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මේ මස සිය මන්ත්‍රී වැටුප කොරෝනා ව්‍යසනයෙන් පීඩා විදින රෝගීන්ට අවශ්‍ය රෝහල් උපකරණ ලබා ගැනීම සඳහා පරිත්‍යාග කර තිබෙනවා.
ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විඩියෝ තාක්ෂණය ඔස්සේ එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අතර ඊයේ පැවති සාකච්ඡාවකදී ගනු ලැබූ තීරණයකට අනුවයි.
මේ අතර ආණ්ඩුවේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන හා රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ද මීට පෙර සිය මන්ත්‍රී වැටුප කොවිඩ් ප්‍රතිකාර වෙනුවෙන් පරිත්‍යාග කරනු ලැබුවා.