සමගි ජන බලවේගයේ කිසිදු බෙදීමක් නැතැයි ඒකාබද්ධ ප්‍රකාශයක්

0
442

නොමැති බව පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.

විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මනූෂ නානායක්කාර හා එස් එම් මර්ක්කාර් යන මන්ත්‍රීවරුන්ද මෙම මාධ්‍ය හමුවට එක්වුනා.

ඔවුන් අවධාරණය කලේ සමගි ජන බලවේගය කොටස් 5 කට බෙදී ඇතැයි යනුවෙන් එක්තරා පුවත්පතක පළව තිබු වාර්තාව සම්පූර්ණ අසත්‍යයක් බවයි.

මේ අතර ආණ්ඩුවේ වැරදි සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන මාධ්‍යවේදින්ට විවිධ දුෂ්කරතාවලට මුහුණ පැමට සිදුව ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මාකර් මහතා පෙන්වා දෙනවා.

විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

News Radio

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here