සමහරු කෘෂිකර්ම අමාත්‍යාංශය ෆේල් කිවිවට එහෙම ෆේල් නෑ

0
555

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ආයතන හතරක් මේ වන විට රුපියල් මිලියන 825ක ලාභයක් උපයා ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියයි.

ජනවසම, මිල්කෝ, පොස්පේට් හා NLDB යන ආයතන මීට වසරකට පෙර රුපියල් මිලියන 3850ක් පාඩු ලැබූ බවද අමාත්‍යවරයා සදහන් කළේය. මේ තොරතුරු නොදන්නා සමහර අය කෘෂිකර්ම අමාත්‍යාංශය ෆේල් කියනවා. බොහෝ අය අපේ රටේ ආහාර හිඟයක් ඇතිවිය හැකි බවට මත පළ කරනවා. ඩුබායි රටේ මෙන්ම සිංගප්පූරුවේ වී වගා කරන්නෙ නෑ. නමුත් ඒ රටේ ජනතාව බඩගින්නෙ ඉන්නෙ නෑ. හැම රටක්ම ආහාර හිඟයක් ඇති වුණොත් තියෙන තැනකින් ආහාර ද්‍රව්‍ය ලබා ගන්නවා. 

පොස්පේට් පොහොර සමාගම අලෙවි කරන්නේ කිලෝ 50ක බෑගයක්, රුපියල් 550 වුණත් ආයතනයෙන් පිට වෙළඳපොලේ ඇතැම් තැන්වල පොස්පේට් පොහොර බෑගයක් රුපියල් 1000, 1100, වැනි මිල ගණන්වලට විකුණනවා.

මේ තත්ත්වය වෙනස් කරන්න කටයුතු කරන්න ඕනෑ යැයිද අලුත්ගමගේ මහතා පැවසුවේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here