සමහර මාධ්‍ය ආයතනවල අයිතිකරුවෝ තමයි අපේ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ

0
312

රජයේ කාබනික පොහොර වැඩසටහන සම්බන්ධයෙන් ජනපතිට උපදෙස් ලබාදුන්නේ ද ඇතැම් මාධ්‍ය හිමිකරුවන් බැවින් ඔවුන්ට ප්‍රවෘත්ති වාර්තාකරණයේදී මේවා පිළිබඳව නොදන්නා බවක් පෙන්විය නොහැකි බව කාබනික පොහොර පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසයි.

“සමහර මාධ්‍ය ආයතනවල අයිතිකරුවෝ තමයි අපේ ජනාධිපති කාර්ය සාධක බලකායෙ සාමාජිකයෝ. නම් කියන්න බෑ. ඉතිං දන්නෑ කියන්න බෑ, ඒ අය තමයි ජනාධිපතිතුමාට උපදෙස් දුන්නේ. ඕනෙ නම් ඉතිං නම් දෙක තුනක් කියන්න පුළුවන්” යැයි අමාත්‍යවරයා කීය.

ඇතැම් කෘෂිකර්ම නිලධාරීන් හිතාමතාම මේ කාබනික පොහොර වැඩසටහන පිළිබඳව ගොවීන් දැනුවත් කිරීම ප්‍රතික්ෂේප කරන බව පැවසූ අමාත්‍යවරයා ඔවුන් පිළිබඳව ඉදිරියේදී පියවරක් ගන්නා බවත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here