සම්භාහනය මුවාවෙන් වෙන වැඩක්

0
658
සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් සැමියන් හැරගිය කාන්තාවන් සිව්දෙනකු විසින් ගාල්ල මකුළුව ප්‍රදේශයේ පවත්නවාගෙන ගිය ගණිකා නිවාසයක් ගාල්ල පොලිස් දූෂණ මර්ධන අංශය විසින් ඊයේ (7) වටලන ලදී.
මෙහිදී එම ගණිකා නිවාසය පවත්වාගෙන ගිය කාන්තාවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කාන්තාවන් සිව් දෙනාගේ කල්ලියේ උඩුගම   කාන්තාවක විසින් මකුළුව ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කුලියට ගෙන ඇත. සැකකාර කාන්තාවන් සිව් ‍දෙනා උඩුගම, අම්බලන්ගොඩ, රන්න, මාතර යන ප්‍රදේශයන්හි පදිංචිකාරියන් වන වයස අවුරුදු  විසි දෙකත් තිස්පහත් අතර බව පොලීසිය කියයි.
මොවුන් එක් ගනුදෙනුකරුවෙකුගෙන් රුපියල් දහසත් තුන්දහසත් අතර මුදලක් අයකරනු ලැබ ඇති බවද පැවසේ.
 පොලීසිය වෙත මේ පිලිබඳව තොරතුරු ලැබීමෙන්  පසුව උපාය දූතයෙකු යෙදවීමෙන් පසුව ගනිකා නිවාසය වටලා මෙම සැකකාරියන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරියන් ගාල්ල මහේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
ගාල්ල පොලිස් දූෂණ මර්දන අංශාධිපති  එම්. නිමල්, පො.සැ.58787 හසන්ත , පො.සැ. 58788 පුෂ්පකීර්ති, පො.කො.79672 කීර්ති, කා.පො.කො. 6062 කුසුම් ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළහ. DINAMINA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here