සම්මුති ආණ්ඩුව වසර 05 ක් දිගටම – දෙපක්ෂයේම අනුමැතිය

0
335

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සම්මුතිවාදී ආණ්ඩුව වසර 5ක් අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා පක්ෂ දෙකේම එකගතාවය හිමිව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද නිල වශයෙන් ප්‍රකාශ කළා.

ඒ අනුව 2015 අගෝස්තු 17 වනදා මැතිවරණයෙන් පත්වූ රජය 2020 වසර දක්වා අඛන්ඩව පවත්වාගෙන යාමට නියමිතව තිඛෙනවා. මෙම ගිවිසුම වසර 2ක කාලයක් සදහායි අත්සන් තබනු ලැබුවේ. එය වසර 5ක් දක්වා ක්‍රියාත්මක කිරීමට මීට පෙර පක්ෂ දෙකේම මහලේකම්වරුන් විසින්  යෝජනා ඉදිරිපත් කරනු ලැබුවා. එම යෝජනාවට පක්ෂ දෙකේම කෘත්‍යාධිකාරී මණ්ඩල හා මධ්‍යම කාරක සභා අනුමැතිය හිමිව ඇති බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here