සමාජ මාධ්‍යයට කරන බලපෑම් වලට නීතීඥ සංගමයේ විරෝධය..

0
628
මහ ජනතාවගේ කතා කිරීමේ හා ප්‍රකාශනයේ නිදහස සහ විරුද්ධ වීමේ හා එකඟ නොවීමේ නිදහස ආරක්ෂා කිරීම අත්‍යාවශ්‍ය බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ අව්‍යාජ විරෝධාකල්ප හා විවේචන මර්දනය කිරීම සඳහා බලධාරීන් නීති භාවිත නොකරන බව සහතික කිරීම වැදගත් බවයි.

ව්‍යාජ පුවත්,ඡායාරූප හා වීඩියෝ බෙදා හරින්නන් අත්අඩංගුවට ගන්නා බව දක්වමින් පොලිසිය කළ දැනුම් දීම සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම නිවේදනය නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ ව්‍යාජ පුවතක් වන්නේ හෝ නොවන්නේ කුමක් ද යන්න, පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හා රඳවා ගැනීමට තීරණය කිරීම සම්බන්ධයෙන් පදනම පිළිබඳව තම සංගමය සැලකිලිමත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here