සමුද්‍රීය නීති යාවත්කාලීන කිරීමට කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලයේ තීරණයක්

0
327

ජාත්‍යන්තර හා දේශීය අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් සමුද්‍රීය නීති සම්බන්ධයෙන් වන නෛතික විධිවිධාන හඳුනා ගැනීම සහ ඒවා යාවත්කාලීන කිරීම පිණිස කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය විසින් තීරණය කරන ලදි.

මෑතකදි මෙරට මුහුදු සිමාවේ ගිනි ගැනිමට ලක්වු එම් ටි නිව් ඩයමන්ඩ් හා එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකා නිසා සිදුවු හානියද සැලකිල්ලට ගෙන නව නීති හදුන්වාදීම මෙහි සැලසුමයි.

ඒ අනුව මීට පෙර පී ඒ රත්නායක මහතාගේ කමිටුව ඉදිරිපත් කළ වාර්තාවද සැලකිල්ලට ගෙන දැනට පවතින හෝ සංශෝධනය කළ යුතු නිති හදුනාගැනීම මෙම කමිටුව මගින් සිදු කෙරෙනු ඇත.

ඉන්දියන් සාගරය මධ්‍යයේ ශ්‍රී ලංකාවේ මූල්‍ය උපායික පිහිටීම සැලකිල්ලට ගනිමින් සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් ලෙස මෙරට ප්‍රවර්ධනය කිරීමේ දී අන්තර්ජාතික ගිවිසුම්වලට අනුකූල වන පරිදි දේශීය නීති යාවත්කාලීන කිරීම සහ අන්තර්ජාතික ගිවිසුම් සහ ජාත්‍යන්තර අවශ්‍යතාවන් සැලකිල්ලට ගෙන නෛතික යටිතල පහසුකම් සකස් කිරීමේ අවශ්‍යතාව මත අදාළ කමිටුව පිහිටුවීවීමට තීරණය කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here