සමෘද්ධි මුදල් අවභාවිත කිරීමේ චෝදනා මත පවරා තිබූ නඩුවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිදොස් කොට නිදහස් කෙරේ

0
389

රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබූ නඩුවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිදහස් කර තිබෙනවා.

සමෘද්ධි නිලධාරීන්ගේ පාරිතෝෂික මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් පසුගිය 2015 වසරේ දී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.

නීතිපතිවරයා විසින් මෙම නඩුව තවදුරටත් ඉදිරියට රැගෙන නොයන බවට කළ දැනුම්දීම හමුවේ මෙම නඩුව අවසන් කිරීමට විනිසුරුවරයා පියවර ගෙන තිබේ.

ඒ අනුව නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කළ දැනුම්දීමට අනුව මෙලෙස නිදහස් කරන බව කඩුවෙල මහේස්ත්‍රාත් මංජුල රත්නායක කියා සිටියේය.

මින් පෙර රාජපක්ෂ මහතාට විරුද්ධව පැවති මුල්‍ය වංචා නඩු කිහිපයක්ම නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගත් අතර, නඩු කිහිපයකින්ම ඔහු නිදොස් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here