සමෘද්ධි ව්‍යාපාරය විනාශ කලේ බැසිල් රාජපක්ෂ – ඇමති එස් .බි .දිසානායක

0
599
සමෘද්ධි ව්‍යාපාරයට ලොකුම හානිය සිදුකලේ බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා බව සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා ප්‍ර‍කාශ කලේය. පසුගිය මැතිවරණ සමයේ දී සමෘද්ධි මුදල් කිසිදු ක්‍ර‍මවේදයකින් තොරව ජනතාවට ලබා දීම නිසා සමෘද්ධිය අයාලේ ගිය බවත්, එසේ ලබා දුන් මුදල් අයකරගැනීම සඳහා දැන් සමෘද්ධි නිලධාරින් දහ දුක් විදිනා බවත් හෙතෙම සඳහන් කළේය.
මැදපෙරදිග රැකියාවලට යන අයට ණය දීම සඳහා ද සමෘද්ධි අරමුදල් වැරදි ලෙස භාවිතා කරල තිබෙන බව ඇමතිවරයා පවසයි.
තවදුරටත් අදහස් දැක්වූ එස්.බී. දිසානායක ඇමතිවරයා,
පුද්ගලයෙකුට, පවුලකට, ගමකට උදවු කරන්න සමෘද්ධි බැංකුව සතුව මුදල් තිබෙනවා. මතුවන ඕනම ගැටළුවකදී ඒ අයට උදවු කරන්න අපට අරමුදල් තිබෙනවා.
පහුගිය කාලේ සමෘද්ධිය කඩා වැටෙන්න ප්‍ර‍ධාන හේතුවක් වුනේ බැසිල් ඇමතිතුමා මේ ව්‍යාපාරයෙන් ප්‍රාදේශිය ලේකම්වරු අයින් කලා, දිසාපතිවරුන් අයින් කලා. මේ නිසා මේක අයාලේ ගියා. මහ විශාල හොරකම් වුනා. ඡන්ද ආපු ගමන් මේකට කරන්න පුළුවන් විශාලම හානිය කලා. නිකං මිනිස්සුන්ට සල්ලි දුන්නා. සමාද්ධි නිලධාරින් අද දහ දුක් විඳිනවා ඒ සල්ලි අය කර ගන්න.
ඒ නිසා අපේ ව්‍යාපාරයට විශාල අලාභ හානි වුනා. මැදපෙරදිග යන අයට ණය දෙන්න ගිහින් තව විශාල අලාභයක් වුනා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here