සයිටම් එපා -දැවැන්ත විරෝධතා රැළිය අද

0
352

“ජීවිත වනසන, අධ්‍යාපන අයිතිය අහෝසි කරන, ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය පරදවමු!” යන තේමාව මුල්කරගනිමින් මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් පවත්වන විරෝධතා රැළිය අද (ජූලි 12) ප.ව. 3.30ට කොළඹ හයිඩ්පිටියේදී පැවැත්වේ.

මේ සම්බන්ධයෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානයේ කැඳවුම් කරු වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයකින් පවසන්නේ මෙම විරෝධතා රැළිය සඳහා ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, එක්සත් සමාජවාදී පක්ෂයේ සිරිතුංග ජයසූරිය, වමේ කේන්ද්‍රෙය් චමීර පෙරේරා, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු සනත් බණ්ඩාර, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත්, මහාචාර්ය ක‍්‍රිෂාන්ත අබේසේන, නීතීඥ ජේ.එම්. විජේබණ්ඩාර, ප්‍රවීන කලාකාරිනී දීපානි සිල්වා ඇතුළු විද්වතුන්, වෘත්තීය සමිති නායකයින්, ශිෂ්‍ය සංගම් නායකයින්, කලාකරුවන්, දේශපාලන පක්‍ෂ නායකයින් මෙම රැළිය ඇමතීමට නියමිත බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here