සයිටම් එපා – විරෝධතා රැලිය

0
402

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයක් නොව සමස්ත රටේ ජනතාවටම අහිතකර බලපෑම් එල්ල කරන්නක් නිසා එය පරාජය කිරීමට සියලුම දෙනා පෙරමුණ ගත යුතු බව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථාන සඳහන් කරයි.

මාලඹේ ආරම්භ කළ දින සිටම මෙරට ජනතාව රැවටීමකට ලක්කළ බවත්, එතැන සිදුකරනු ලබන්නේ ලක්ෂ සියක්, එකසිය දහයක් ලබාගෙන ප්‍රමිතියෙන් තොර වෛද්‍යවරුන් බිහිකිරීම බවද එම මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.

‘සයිටම් නවතා දමමු’ යනුවෙන් s3ඊයේ  (12දා) හයිට් පිටියේදී පැවැති විරෝධතා රැලියේදී මේ බව සඳහන් කළ සම කැඳවුම්කරු වැඩිදුරටත් සඳහන් කළේ, සයිටම් හෙවත් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමනතුරු රට තුළ අරගල සිදුකරන බවත්ය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here