සයිටම් දෙමවුපියෝ අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශවලට ඇඟිල්ල දිගු කරති

0
727

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් වර්තමානයේ මතුව ඇති ගැටළු වලට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය වගකීම භාරගත යුතු බව සයිටම් දෙමාපිය සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසීය.

ඔහු පෙන්වා දෙන්නේ අදාළ අමාත්‍යාංශ වලට විරුද්ධව මේ වන විට නීතිමය පියවර ගෙන ඇති බවයි.

කොළඹදී මාධ්වේදීන් හමුවේ අදහස් පළ කරමින් ගැමුණු විජේරත්න මහතා මේ බව කියා සිටියේය.

එම අවස්ථාවට එක්වෙමින් රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ විධායක කමිටු සාමාජික වසන්ත අල්විස් මහතා පැවසුවේ මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ද ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here