සයිටම් පෙත්සම විභාගයට

0
339

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලබන සිසුන් වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරනු ලැබූ පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණය විසින් දින නියම කර තිබේ.

ඒ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුවෙකු විසින් ගොනු කර තිබූ මෙම පෙත්සම අද දින සලකා බැලූ අවස්ථාවේදීය.

එය ඔක්තෝම්බර් 12 සහ 14 යන දෙදින විභාගයට ගන්නා බව අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් වලල්ලාගොඩ සහ ප්‍රීති පත්මන් සූරසේන යන විනිසුරුවරුන් විසින් දැනුම් දී ඇත.

ඒ අනුව මූලික පෙත්සම් විභාගය ඔක්තෝම්බර් 12 සහ 14 යන දෙදින තුළ කැඳවන බවට තීරණය කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here