සයිටම් විරෝධී උද්ඝෝෂණයෙන් රථ වාහන තදබදයක්

0
744

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ආරම්භ කර  ඇති විරෝධතා පාමගමනක් හේතුවෙන් කොළඹ – පුංචි බොරැල්ල, මරදාන යන ප්‍රදේශවල දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ.

ඒ හේතුවෙන් ගාලු මුවදොර මාර්ගය ලෝටස් වට රවුටමන් වසා දමා ඇති බව පොලිසිය පවසයි.

මේ අතර මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අතර පැවැත්වෙන සාකච්ජාවක් සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයට ආරාධනා නොකිරීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබේ.

එම සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන්නේ අද පස්වරුවෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here