Monday, January 27, 2025

සයිනොෆාම් ලබාගත් අයට අලුත් අනාවරණයක්

සයිනොෆාම් එන්නත ලබාගත් ශ්‍රී ලාංකිකයන්ගේ කෝවිඩ් ‍වෛරසයට එරෙහිව ක්‍රියාත්මක වන ‘ටී සෛල ප්‍රතිචාරය’ (T-Cell responses) අඛණ්ඩව පවතින බව අනාවරණය වී ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල විද්‍යා එක්කයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර ඇතුළු පර්‌යේෂකයන් කණ්ඩායමක් කළ නවතම අධ්‍යයනයකදී මේ බව අනාවරණය වී තිබේ.

සයිනොෆාම් එන්නතෙහි ප්‍රතිදේහ ජනනය සහ ටී සෛල ප්‍රතිදාරය පිළිබඳ පැවැත්වූ අධ්‍යයනයකින් අනතුරුවයි මේ බව අනාවරණය වී ඇත්තේ.

සයිනොෆාම් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දී සති 12කට පසුවද කෝවිඩ් වෛරසය ආගන්තුක සතුරු ප්‍රතිදේහයක් ලෙස සලකමින් ටී සෛල ප්‍රතිචාරය ඊට එරෙහිව තවදුරටත් ක්‍රියාත්මක වන බවයි.

කෙසේ වෙතත් කල්ගත වීමේදී සයිනොෆාම් එන්නත ලබාගත් සියලු වයස් කාණ්ඩවල පුද්ගලයින්ගේ ශරීරවල පවතින ප්‍රතිශක්තිය ක්‍රමයෙන් දුර්වල වන බව එමගින් පෙන්වා දී ඇත. විශේෂයෙන් වයස අවුරුදු 60ට වැඩි කාණ්ඩයේ පුද්ගලයන් අතර මෙලෙස ප්‍රතිශක්තිය පහත වැටීම වැඩිපුර දැකගත හැකිවන බවද මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පර්‌යේෂණ සිදු කළ යුතු බවද එම අධ්‍යයන වාර්තාවේ සඳහන් වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles