සයිනොෆාර්ම් හොරකමක්..

0
355

රුපියල් 90,000 ක් වටිනා සයිනොෆාම් එන්නත් මාත්‍රා 30ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

ඒ, හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් ඊයේ (16) හබරාදූව පොලිස් ස්ථානය වෙත කර තිබූ පැමිණිල්ලකට අනුවය.

අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනියුක්තව සේවය කරන රියදුරෙකු සහ සුළු සේවකයෙකු සිද්ධියට වගකිව යුතු බවට පැවසෙන බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here