Sunday, September 22, 2024

සයිබර් ආරක්ෂණ නීති පැනවීමට පනත් කෙටුම්පත් සැකසීමට කැබිනට් අනුමැතිය

සයිබර් ආරක්ෂාව සහ ඒ සඳහා ආයතනික ව්‍යූහයක් සකස් කිරීමට නීති කෙටුම්පතක් සකස් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක හා තාක්ෂන අමාත්‍යංශය විසින් ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමව තිබේ.

ආරක්ෂක හා තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන එම කෙටුම්පත් දෙක සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව ඇත.

විද්‍යුත් සන්නිවේදනයේ දියුණුවත් සමග ත්‍රස්තවාදී කණ්ඩායම් සහ අපරාධකරුවන් විසින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්ල සංවිධානාත්මක අපරාධ හා සමාජ විරෝධී ක්‍රියාවන් සඳහා සයිබර් අවකාශය සහ විද්‍යුත් සන්නිවේදනය භාවිත කිරීමට පෙළඹීම නිසා මෙම තීරණය ගෙන තිබේ.

එසේම ත්‍රිවිධ හමුදාවල පොලීසිය හා අනෙකුත් නියෝජිත ආයතනයන් මේ වන විට ආයතන මට්ටමින් පිහිටුවා ඇති සයිබර් ආරක්ෂණ ඒකක මඟින් සිදුකරනු ලබන මෙහෙයුම් තවදුරටත් විධිමත් කිරීම සඳහා මෙම නව නීති සම්පාදනයට තීරණය කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles