අධිකරණ වරෙන්තුවකට අනුව හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
අද (24)උදෑසන නීතිඥයෙකු මාර්ගයෙන් මීගමුව පොලීසියට බාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති මොහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
2002 වර්ෂයේ මීගමුවේ පැවති එජාප පෙළපාලියකින් රැස්වීමකට සහභාගිවෙමින් සිටි පාක්ෂිකයින් දෙදෙනෙකු මෝටර් රථයකින් හප්පා අනතුරු සිදුකිරීමේ සිදුවීමකට අදාළව මොහුට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි.
මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු අනතුරට ලක්වී තුවාල ලැබූ අතර එයින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්විය.
එසේ වුවද මෙම සිද්ධියට අදාළව පරීක්ෂණ මෙහෙයවනු ලැබුවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පරිවාර රථයකින් අනතුරකට ලක්වූ බව පවසමින් වුවද,මෑතකදී එය අදාළ නියෝජ්‍ය අමාත්‍යවරයාගේම රථයක් බවට තවත් පැමිණිල්ලක් ඉදිරිපත් විය.
ඒ අනුව සරත් කුමාර ගුණරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කෙරුණු අතර ගුණරත්න මහතා විදෙස් සංචාරයක් නිමවා දිවයිනට පැමිණියේ ඉකුත් 22දාය.