සරත් වීරසේකරගේ දෙපාර්තමේන්තු දෙකක් ජනපති පවරා ගනී

0
471

අමාත්‍ය සරත් වීරසේකරගේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබූ දෙපාර්තමේන්තු දෙකක් ආරක්ෂක අමාත්‍යාශය යටතට පවරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ බහුකාර්ය සංවර්ධන කාර්ය බලකා දෙපාර්තමේන්තුව මෙලස පවරාගෙන තිබෙන බවයි ගැසට් පත්‍රයේ දැක්වෙන්නේ.

ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින්නේ ශ්‍රී ලංකා පොලිසිය සහ ජාතික පොලිස් අභ්‍යාස ආයතනය පමණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here