Monday, September 23, 2024

සරසවි පාඨමාලාවලට සිසුන් ඇතුලත් කරන ප්‍රතිශත හෙට නිකුත් කරයි


විෂය ධාරා දෙක යටතේ පසුගිය උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාලවල පාඨමාලා එකසිය දාහතට ඇතුළත් කෙරෙන ප්‍රතිශත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් හෙට (21 වැනිදා ) ප්‍රකාශයට පත් කෙරේ.

වෛද්‍ය , ඉංජිනේරු, දන්ත වෛද්‍ය ,කළමනාකරණ , නීතිය සහ තාක්ෂණවේදය විෂය ධාරාවේ ඉංජිනේරු තාක්ෂණවේදය, තාක්ෂණවේදය සඳහා විද්‍යාව සහ ජෛව සම්පත් තාක්ෂණය යන පාඨමාලාවන්ට ඇතුළත් කෙරෙන සිසුන්ගේ ප්‍රතිශත පුවත්පත් මගින් ප්‍රසිද්ධ කෙරෙන අතර ඉතිරි පාඨමාලා එකසිය එකොළහට අදාළ ප්‍රතිශත ප්‍රතිපාදන කොමිෂන් සභා වෙබ් අඩවියට ඇතුළත් කරනු ඇත.

අවම ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමට පෙර මෙම ප්‍රතිශත නිකුත් කෙරෙන ප්‍රථම අවස්ථාව මෙය වෙයි.

මෙලෙස ප්‍රතිශත නිකුත් කෙරෙන්නේ නව හා පැරණි වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ විභාගය පැවැත්වීම නිසාය. පෙර වසරේදී ද කාණ්ඩ දෙකක් යටතේ විභාගය පැවැත්වූ නමුත් අවම ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමට පෙර මේ අයුරින් ප්‍රතිශත නිකුත් නොකෙරිණි. එහෙයින් එම අවස්ථාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැඩි දෝෂදර්ශනයට ලක් විය.

මෙවර කලින් ප්‍රතිශත නිකුත් කිරීමට හැකි වූයේ එම කොමිෂන් සභාවේ ව්‍යුහාත්මක වෙනස් කම් සිදු කිරීමට වත්මන් සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ගත් පියවරයන් නිසා ය.

(Aruna)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles