සරසවි ලොක්කාගේ ගෙදර ගෝලයෝ බරටම වැඩකරලා

0
682

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වැඩ අංශයේ සේවක පිරිසක් රාජකාරි වේලාවේ ඉහළ බලධාරියකුගේ නිවසේ සේවයට ගොස් සිටීම සම්බන්ධයෙන් රජයේ විගණන අංශය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

විගණන නිලධාරීන් අදාළ නිවසට යනවිට එහි විශ්වවිද්‍යාල වැඩ අංශයේ සේවකයින් අට දෙනකු සිට ඇති අතර, ඉන් තිදෙනකු සේවයට ඇගිලි සලකුණු තබා වාර්තා කොට රාජකාරි අරඹා සිට ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින්ද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. විශ්වවිද්‍යාල වැඩ අංශයේ සේවක පිරිස අදාළ නිලධාරියාගේ නිවසේ වැඩ කරමින් සිටියදී එහි ගිය විගණන අංශ නිලධාරීන් කණ්ඩායම සේවකයින්ගෙන් හා නිලධාරිවරයාගෙන් ප‍්‍රකාශ ලබාගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here