සර්වපාක්ෂික අරගලකරුවෝ විපක්ෂය හමුවෙති…

0
520

ගාලුමුවදොර අරගලකරුවන් සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර පොදු සම්මුතියක් සඳහා එකඟතාවක් ඇති කරගෙන තිබෙනවා.

සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානය විසින් අරගලය දිනවන සම්මුතිය මැයෙන් පැවති සමුළුවකදී මෙම එකඟතාවට පැමිණ තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ගාලුමුවදොර අරගලකරුවන් අතර හමුවක්ද නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වී ඇති බව වාර්තා වනවා.

එසේම ගාලුමුවදොර අරගලකරුවන් පිරිසක් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සමඟ සහ පෙරමුගාමී සමාජවාදී පක්ෂයේ නායකයින් සමඟද ඊයේ සාකච්ඡා පවත්වා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here