සර්ව පාක්ෂික සමුළුවට TNA එයි. CWC නොයයි

0
424

වර්තමාන ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂයක් වන ලංකා කම්කරු කොංග්‍රසය සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවීමට තීරණය කර ඇත.

එහි මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මෙි බව පවසා සිටියා

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ජීවන් තොණ්ඩමන් මහතා වර්තමාන ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය අමාත්‍යවරයෙක් ද කටයුතු කරයි.

මෙම සර්ව පාක්ෂික සමුළුව හෙට (23 ) පැවැත්වීමට නියමිතය.

මීට පෙර ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය යන පක්ෂ විසින් ද සර්ව පාක්ෂික සමුළුව ප්‍රතික්ෂේප කෙරිණ.

මීට අමතරව පසුගියදා අමාත්‍ය ධුරවලින් ඉවත් කෙරුණු විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ප්‍රමුඛ කණ්ඩායම ද ජනාධිපතිවරයාගේ මෙම සර්ව පාක්ෂික සමුළු යෝජනාවට ප්‍රතිපක්ෂව සිටගැනීම විශේෂත්වයකි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා දිනයේදී පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුලූවට සහභාගී නොවීමට දමිළ ප්‍රගතිශීලී සන්ධානයද තීරණය කර තිබෙනවා.

සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා කියාසිටියේ කරන ලද ආරාධනය ඉතා ප්‍රවේශමෙන් සලකා බලා, මෙම සමුළුවට සහභාගී නොවීමට දමිළ ප්‍රගතිශීලී සන්ධානය තීරණය කළ බවයි.

එහෙත් දෙමළ ජාතික සන්ධානය (TNA) සහභාගි වන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here