පාඩු පිට පාඩු ලබමින් සේවක වැටුප් අර්ථ සාධක අරමුදල් ගෙවා ගැනීමට නොහැකිව විශාල මූල්‍ය අර්බුදයකට පත්ව තිබුණ ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයට රුපියල් ලක්ෂ ගණනක් වැය කර මාධ්‍ය ඒකකයක් පිහිටුවා තිබුණ බවට ජනාධිපති පරීක්ෂණ කොමිසම සිදු කරන ලද විමර්ශනයකදී අනාවරණය වී ඇත.
එම මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා ලෙස චරිත් රුබේරු නමැත්තකු පත්කර තිබුණ අතර මෙය ස්ථාපිත කිරීමට මුල් වුයේ හිටපු සභාපති සශි වෙල්ගම මහතා වන අතර රුපියල් ලක්ෂ ගණනක් වටිනා පරිගණක, කැමරා ඇතුළු උපකරණ රැසක් මිලදී ගෙන ඒවා කාමරයක ගොඩගසා තිබුණ බවටත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මධ්‍යම ගමනාගමන මණ්ඩලයට මාධ්‍ය ඒකකයක අවශ්‍යතාවයක් තිබී නැතිබවත් මෙලෙස පිහිටුවාගත් මාධ්‍ය ඒකකයෙන් කිසිදු කාර්යක් ඉටු වී නැති අතර මුදල් කාබාසිනියා කිරීමක් පමණක් සිදුවී තිබෙන බවත් හෙළිදරව් වී තිබේ.
ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙනත් විමර්ශනයක් සිදුකරගෙන යද්දී මෙම කරුණු අනාවරණය කරගෙන තිබෙන බවත් වාර්තා වෙයි.