ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ශාඛාව පවසයි.
ලබන 27 වන දින මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ දී එම උත්සවය පැවැත්වීමට නියමිතය.
සසුනට දිරිදෙන සුරකිමු පිරිවෙන යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවයට සමගාමීව ප්‍රදර්ශන ඇතුළු වැඩසටහන් මාලාවක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ශාඛාව සඳහන් කළේය.
ජාතික පිරිවෙන් දිනයක් රාජ්‍ය නායකයෙකුගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වෙයි.
ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවයේ ආරාධිතයන් ලෙස කථානායක කරූ ජයසූරිය, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගීවීමට නියමිතය.