සහරාන්ගේ බිරිඳගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්න අවසර ලබා දෙන ලෙස ඉල්ලයි

0
289

පාස්කු ඉරුදින තස්ත්‍ර ප්‍රහාරය වැළැක්වීමට අවස්ථාව තිබියදී අපරාධ පරික්ෂණ දෙපාර්ත්මේන්තුවේ උසස් නිලධාරීන් කණ්ඩායමක් ඒ පිළිබදව නිසි පරිදි විමර්ශනය නොකිරීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි එම දෙපාර්තමේන්තුවේ කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි ශෂිකලා විජේතුංග මහත්මිය ඉදිරියේ ඊයේ (10) කරුණු වාර්තා කර තිබේ.

මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබා ඇති මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ මොහොමඩ් සහරාන් යන අයගේ බිරිද වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා යන අයගෙන් මෙම සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගත යුතුව ඇති බැවින් ඒ සඳහා අවසර ලබා දෙන ලෙසට වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ද මෙහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව, ලබන 12 වැනිදා සිට 25 වැනිදා දක්වා අතර කාලයේදී වැලිකඩ බන්ධනාගාරයට ගොස් එම ප්‍රකාශය සටහන් කර ගැනීමට අපරාධ දෙපාර්තමේන්තුවට අවසර ලබා දෙන ලෙසට මහේස්ත්‍රාත්වරිය වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට නියෝගයක් නිකුත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here