සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමට පහර දුන් පුද්ගලයන් 06 දෙනෙකු අත්අඩංගුවට ගනී

0
332

රත්නපුර – නිවිතිගල මහජන ක්‍රීඩාංගනයේ පෙරේදා රාත්‍රියේ පැවති සංගීත ප්‍රසංගයක දී සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

සංගීත ප්‍රසංගය නියමිත වේලාවට අවසන් කළ බවට චෝදනා කරමින් බීමතින් පැමිණි පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිසීය පවසනවා.

ප්‍රහාරයෙන් සංගීත කණ්ඩායම සතු දේපලවලට රුපියල් ලක්ෂ 14 ක පමණ අලාභයක් සිදුව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here