සහල් ගැසට්ටුවේ ප්‍රශ්නයට ඇමතිවරුන්ට කට උත්තර නෑ

0
304

අනුරාධපුර – මහඉලුප්පල්ලම මහවැලි කොට්ඨාසයට අයත් මරදන්කල්ල වැව ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන සහ මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි, ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්ගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා.

එහිදී මාධ්‍යවේදීන් සහල් මිල සම්බන්ධයෙන් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කිරීම පිළිබඳව රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්ගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු ඊට පිළිතුරු ලබාදීමෙන් වැළකී සිටියා.

එම අවස්ථාවේ ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන කියා සිටියේ එම ප්‍රශ්ණය සිරිපාල ගම්ලත් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් නොඅසන ලෙසටයි. අනතුරුව මාධ්‍යවේදීන් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන වෙත එම ප්‍රශ්නය යොමු කළා.

අමාත්‍යවරයා සිනාසෙමින් වෙනත් ප්‍රශ්න අසන ලෙසට ඉල්ලා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here