ස්ත්‍රී දූෂකයින්ට එරෙහිව පාකිස්තානයෙන් අලුත් නීතියක්

0
778
Pakistani Prime Minister Imran Khan. (File Photo: IANS)

ස්ත්‍රී දූෂකයින්ට එරෙහි නඩු මාස 4ක් තුළ ඇසිය හැකි වන පරිදි “විශේෂ අධිකරණ” ස්ථාපති කිරීමට නව නීති ගෙන ඒමට පාකිස්තානය කටයුතු කර තිබේ.

එම තීරණය ගෙන ඇත්තේ තම මෝටර් රථයේ ඉන්ධන නිමවීම හේතුවෙන් අතරමං වූ කාන්තාවක් සමුහ දූෂණයට ලක් කර තිබීම නිසා ඇති වූ මහජන විරෝධය නිසාය.
 
නව නීති ගෙන ඒමට ජනාධිපතිවරයා විසින් නියෝගයක් නිකුත්කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. එසේම යම් පැමිණිල්ලක් ඉදිරිපත් කර පැය 6ක් ඇතුළත වෛද්‍ය පරීක්ෂණ සිදුකළ හැකි ස්ථාන පිහිටුවීමට ද නියෝග කර තිබේ.

ස්ත්‍රී දූෂකයින්ගේ නම් ඇතුළත් කර “ජාතික ලැයිස්තුවක්” ඇති කිරීමට ද ඉන් උපදෙස් දී ඇති බව සඳහන් වේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පාකිස්තාන ජනාධිපති අරීෆ් ඇල්වි පැවසුවේ, “මෙම ආඥා පනත මගින් කාන්තාවන්ව සහ ළමුන්ව ලිංගික අතවරයන්ට ලක්කිරීමේ සිද්ධි සම්බන්ධ නඩු ඇසීම වේගවත් වනු ඇති. ඒ සඳහා රට පුරා විශේෂ අධිකරණ පිහිටුවීම ඔස්සේ සැකකරුවන්ට එරෙහිව නඩු ඇසීම වේගවත් කිරීම සිදුකෙරේ,” යනුවෙනි.
     
ලිංගික අතවර කිරීමේ සිද්ධීන්ට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව දැඩි දඬුවම් දිය යුතු බවට පාකිස්තානයේ මහජන මතයක් ගොඩනැගෙමින් පවතී.

පසුගිය සැප්තැම්බර් මාසයේදී එම කාන්තාවට ප්‍රධාන මාර්ගයක් අසළ දී ලිංගික අතවර කර තිබුණි. ඇයගේ දරුවන් දෙදෙනා ද මෝටර් රථයේ සිටි බව සඳහන් වේ.
  
ඊට සැකපිට ඔක්තෝබර් මාසයේදී පුද්ගලයින් දෙදෙනෙක් ව අත්අඩංගුවට ගත් අතර ඔවුන් දෙදෙනා රිමාන්ඩ් බාරයේ පසුවේ.
 
ස්ත්‍රී දූෂකයින්ව සහ කුඩා ළමයින්ව ඝාතනය කර වැරදිකරුවන් වූ අයව ප්‍රසිද්ධියේ එල්ලා මර දැමිය යුතු බවට සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු යෝජනා කරති. 

නමුත් එමගින් පාකිස්තානයට යුරෝපා සංගමයෙන් ලබාදී ඇති GSP සහනය අහිමි වෙතැයි අගමැති ඉම්රාන් ඛාන් පවසයි.

ඒ වෙනුවට එවැනි චූදිතයින් ව රසායනික ද්‍රව්‍යයක් මගින් ලිංගික බෙලෙහීන තත්ත්වයට පත්කිරීම ට තමා යෝජනා කරන බව ඉම්රාන් ඛාන් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here