Sunday, January 12, 2025

ස්වාධින කොමිෂන් සභා නැවතත් ඇති කරනු

මේ රටේ ජනතාවගේ පමණක් නොව ජාත්‍යන්තරයේ පවා, අපේ රටේ නිතියේ උත්තරීතරභාවය දවසින් දවස අඩුවෙන බවට මතයක් නිර්මාණය වී ඇති බවට  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක (පා:ම) අධිනීතිඥ ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසා සිටියේය.

විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක (පා:ම) අධිනීතිඥ ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ බ්‍රහස්පතින්දා(21) දින පාර්ලිමේන්තු විවාදයට සහභාගිවෙමින් ය.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

යුරෝපා හවුලේ නිලධාරින් අපිව හමුවුනාම අපි කියන්න කලින් ඔවුන් කිව්වා මේ රට 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ලබා ගත් ජයග්‍රහණ එකින් එක වර්තමාන රජය ආපස්සට හරවලා කියලා. විශේෂයෙන්ම ස්වාධින කොමිෂන් ගැන ස්වාධින කොමිෂන්වලට ව්‍යවස්ථාදායක සභාවට තිබ්බ නිදහස අද සම්පුර්ණයෙන්ම හකුලලා තියෙනවා.

අද අධිකරණයට, පොලිසියට, නිතිපති දෙපාර්තමේන්තුවට රාජ්‍ය සේවයට අද ස්වාධින තීරණයක් ගන්න බෑ. තීරණ ඔක්කෝම ගන්නේ විධායකය මම අධිකරණ ඇමතිතුමාට කියනවා මේවාට සම්මාදන් වෙන්න එපා. මොකද ස්වාධින කොමිෂන් ඇති කලේ අපි නෙවේ. ඇති කලේ චන්ද්‍රිකා මැතිණිය. චන්ද්‍රිකා මැතිනිය තමා එදා ජි.එල්. පිරිස් මැතිතුමා හා ජනතා විමුක්ති පෙරමුණ එක්ක එකතුවෙලා ස්වාධින කොමිෂන් ඇති කලේ.

නමුත් මහින්ද රාජපක්‍ෂ මහත්මයා ජනාධිපති උනාට පස්සේ ස්වාධින කොමිෂන් නැති කරලා අධිකරණය, පොලිසිය, නිතිපති දේපාර්තමේන්තුව විධායකය යටතට ගත්තා. පස්සේ 19 මගින් අපි නැවත ස්ථාපිත කලා. 20 න් නැවත වරක් 18 වන ව්‍යවස්ථාවේ තත්වයට ගියා. මම අධිකරණ ඇමතිතුමාගෙන් අහනවා ඔබ එකඟ වෙනවද ස්වාධින කොමිෂන් වල බලතල ඉවත් කිරිම ගැන. ප්‍රශ්නේ තියෙන්නේ එතන.

අද අධිකරණයට ස්වාධින තීරණයක් දෙන්න බැරිනම් පොලිසියට තිරණයක් දෙන්න බැරිනම් රජ්‍ය සේවයට, නිතිපතිට තීරණ ගන්න බැරිනම්. අද බලන්න පත්තරේ හැමදාම නිදොස් කොට නිදහස්. රටේ සාමාන්‍ය ජනතාව හිනා වෙනවා මේවාට.

මේ නඩු පැවරුවේ කවුද රෑ වර්තමාන අගවිනිසුරුතුමා නිතිපති කාලේ තමා මේ නඩු පැවරුවේ. එතුමා පවරපු නඩු වර්තමාන ඉන්න අය නිදොස් කොට නිදහස් කරනවා නම් අපේ අධිකරණය ඇත්ත වශයෙන්ම ඉතා අසරණ තත්වයට පත් වෙලා තියෙනවා. 

විධායක ජනාධිපතිතුමා ආණ්ඩුවේ අයගෙන්වත් උපදෙස් ගන්නේ නෑ. ලගදි ජාතිය අමතලා කථාවක් කරලා කිව්වා අපිට පොරොන්දු සියල්ල ඉටුකරන්න බැරිවෙලා තියෙනවා ඒක පිළිගන්නවා කියලා. ඒකට හේතුව මොකක්ද රෑ එතුමා විධායක ජනාධිපති උණාට පස්සේ 20 වැනි සංශෝදනය මගින් බලතල ඔක්කෝම ගත්තා.

19 යටතේ විධායක ජනාධිපතිතුමාගේ බලතල අගමැතිතුමාට, පාර්ලිමේන්තුවට, මන්ත්‍රිවරුන්ට, ස්වාධින කොමිෂන්වලට, බෙදලා දුන්නා. සියලුදෙනාටම ආන්ඩුකරණයේ වගකිමක් තිබ්බා. අද එහෙම නෑ. අද ජනාධිපතිතුමා තමයි ඔක්කෝම තීරණ ගන්නේ.

ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රිවරන්වත් දන්නේ නෑ මොනවා වෙනවද කියලා. ඇමතිවරු දන්නේ නෑ කැබිනට් පත්‍රිකා එවනවා දැනුම් දිමකින් තොරව. එතුමා තමා මෙවාට වගකිම භාර ගන්න ඕනේ. වෙන කවුරුවත් නෙවේ. එතුමා ආණ්ඩු පක්‍ෂය එක්කවත් අපිත් එක්කවත් සංවාදයක් නෑ.

නව වයවස්ථාවක් හදනවා මම රජයෙන් ඉල්ලිමක් කරනවා මේ ස්වාධින කොමිෂන්වල ස්වාධිනත්වය ආරක්‍ෂා කරන්න. කියලා. අද ජාත්‍යන්තරයට ආණ්ඩුව යන්න හදනවා ජාතයන්තරයේ ගරුත්වය එන්නේ නෑ. මේ ස්වාධින කොමිෂන් නිදහස් කෙරුවේ නැත්නම් මේක කෙරුවොත් පමණයි ආණ්ඩුවට ජාත්‍යන්තරයට යන්න පුළුවන් මොකද අධිකරණයේ ස්වාධිනත්වය, නිතීයේ උත්තරිතරභාවය නැතිව මේ රටට ඉස්සරහට යන්න බෑ. 

යහපාලනය කාලේ අපි බලයට පත් උනේ විධායකයේ බලතල අහෝසි කරනවා කියලා. නමුත් අපිට තුනෙන් දෙකේ බහුතරය තිබුනේ නෑ. අනිත් කාරණය ජනාධිපතිතුමාගේ බලතල අහෝසි කරන්න ජනමත විචාරනයකට යන්න තිබුණා. ශ්‍රේෂ්ඨාධිකරණයට දුන්න කෙටුම්පතේ එදා ජනාධිපතිතුමාගේ බලතල 99% අයින් කරලා තිබුනේ. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය තමා කිව්වේ සමහර ඒවාට ජනමත විචාරනයක් ඕනේ සමහර ඒවා පාර්ලිමේන්තුවේ සම්මත කරන්න ඕනේ කියලා.

අපි ජනමත විචාරනයට අවශ්‍ය කාරනා අපි ඉවත් කරලා පාර්ලිමේන්තුවේ සම්මත කරන කාරනා ගෙනල්ලා අපි වැඩේ කෙරුවා. සංවාදයක් තුලින් විපක්‍ෂය සමග සාකච්ඡා කරලයි අපි මේවා කලේ. 3/2 තිබුණේ නෑ. නමුත් දෙපැත්තම ඡන්දය දුන්නා එදා.

අද ජනාධිපතිතුමා කියනවා මම අසාර්ථක වෙලා කියලා. ඒකට ප්‍රධාන හේතුව එතුමා. එතුමා ආණ්ඩුවේ ඇමතිවරු සමග සංවාදයක් නෑ. මන්ත්‍රිවරු එක්ක සංවාදයක් නැ. තනියම වැඩ කරලා අද අමාරුවේ වැටිලා තියෙනවා.

අවසාන වශයෙන් කියනවා නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට දාලා විපක්‍ෂයේ මතයත් අරගෙන කරන්න. තමුන්නාසේලාට ජාතයන්තර වශයෙන් ඉදිරියට යන්න ඔනේ නම් ස්වාධින කොමිෂන් නැවත වරක් ඇති කරන්න කියලා ඉල්ලීමක් කරනවා.  

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles