Saturday, September 21, 2024

ස්විස් ගිණුම් වල තැන්පත්වල තොරතුරු අනාවරණය වෙයි.ලංකාවත් ඒ අතරට !

ලොව බොහෝ අපරාධකරුවන් තමන් නීත්‍යනුකුල නොවන ලෙස උපාය ගත් හා තම රටට වත්කම් නොපෙන්වා සිටීමේ උපක්‍රමයක් ලෙස තම මුදල් තැන්පත් කරනු ලැබූ ලොව විශාලතම පෞද්ගලික බැංකුවක් වන ස්විස්ටර්ලන්තයේ ‘ක්‍රෙඩිට් ස්විස්’ (credit suisse) හි තැන්පත් ලොවට අනාවරණය වී තිබේ.

බ්‍රිතානයේ ‘ද ගාර්ඩියන්’ පුවත්පත විසින් සිදුකරන ලද මෙම අනාවරණය තුළින් ස්විස් ෆ්‍රෑන්ක් බිලියන 100කට (රුපියල් කෝටි 2,208,000 ඉක්මවූ ) වැඩි සැඟවුණු ධනය පිළිබඳව අනාවරණය කර තිබේ.

ස්විස් පාර්ලිමේන්තුව සම්මත කළ පනතකින් මෙම රහස්‍යභාවය අහෝසි කිරීමට තීරණය කිරීමත් සමඟ මෙම අනාවරණය සිදුකර තිබේ.

ගාර්ඩියන් පුවත්පතේ අනාවරණය තුළින් ලොව පුර සිටින වධහිංසා පැමිණවීම්,මත්ද්‍රව්‍ය ජාවාරම්,මුදල් විශුද්ධිකරණය හා වෙනත් අපරාධවලට සම්බන්ධ වූ ගනුදෙනුකරුවන් 30,000කගේ පමණ තොරතුරු අනාවරණය කර තිබේ.

එම වාර්තාවේ මෙම ගනුදෙනුකරුවන් සිටින රටවල් 120ක් අතුරින් ශ්‍රී ලංකාවද සඳහන් වේ.

එහිදී මෙලෙස අනාවරණය කරන ලද ගිණුම් ආරම්භ කර ඇති කාලය 1940 වර්ෂය දක්වා දිවෙන අතර එම ගිණුම් වලින් තුනෙන් දෙකක් ගිණුම් ආරම්භ කර ඇත්තේ 2000 වසරෙන් පසුව බවද අනාවරණය කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles