Thursday, January 16, 2025

ස්වීඩනයට සහ ෆින්ලන්තයට රුසියාව අනතුරු අගවයි

රුසියාව විසින් ස්වීඩනය සහ ෆින්ලන්තය යන රටවල් දෙකකට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ නේටෝ සංවිධානය සමග එක්වීමට එම රටවල් තීරණය කළහොත් ඔවුන්ට දේශපාලනික මෙන්ම යුදමය වශයෙන් බරපතල ප්‍රතිවිපාකයකට මුහුණ දීමට සිදුවෙනු ඇති බවයි රුසියාව දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ.

රුසියානු විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශිකා මාරියා සකරෝවා මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා. කෙසේවෙතත් රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය පසුව නිවේදනය කළේ එය තර්ජනයක් නොව කරුණු පැහැදිලි කිරීමක් බවයි.

ඒ අනුව දැනට යුරෝපීය රටවල් 28කින් සහ එක්සත් ජනපදය සහ කැනඩාව සමඟ සැදුම් ලත් මිලිටරි සන්ධානය වන නේටෝ සාමාජිකත්වය ලබා ගැනීම හානිකර ප්‍රතිවිපාක ඇති කළ හැකි බව පෙන්වා දි තිබේ.

මේ සතියේ රුසියාව විසින් යුක්රේනය  ආක්‍රමණය කිරීමෙන් පසුව, ෆින්ලන්ත අගමැති සන්නා මැරින් පැවසුවේ, ෆින්ලන්තයේ නේටෝ සාමාජිකත්වය පිළිබඳ විවාදය වෙනස් වනු ඇති බවය.

එසේම මාධ්‍ය හමුවක දී  ඇය සඳහන් කර ඇත්තේ, ෆින්ලන්ත රජයේ මිලිටරි සන්ධානගත නොවීමේ ප්‍රතිපත්තිය උතුරු යුරෝපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීමේ වැදගත් සාධකයක් ලෙස ය.

ස්වීඩනය සහ ෆින්ලන්තය යන රටවල් දෙකෙහි දේශසීමාවන් රුසියාවට මායිම්ව තිබෙන අතර මෙම රටවල් නේටෝ සංවිධානය සමග එක්වුවහොත් එය සිය නිවස ඉදිරිපිටට සතුරු පාර්ශ්වයට ඒමට ඉඩ හැරීමක් ලෙස රුසියාව සඳහන් කර සිටිනවා.

ඒ නේටෝ සංවිධානයේ ප්‍රධාන පාර්ශවය ලෙස ඇමරිකාව කටයුතු කිරිම හේතුවෙනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles