සාකච්ඡා අසාර්ථකයි – ගුරු වර්ජනය තවදුරටත්..

0
353

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සහ ගුරු විදුහල්පති සේවාව සංවෘත සේවාවක් බවට පත්කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ලබාදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශකර තිබෙනවා. ඒ, ගුරු විදුහල්පති වෘත්තීය සමිත‘ සංගම් නියෝජිතයන් සමඟ අරලිගහ මන්දිරයේ අද පැවති සාකච්ඡාවේදීයි.    

ඒ අනුව ලබන සඳුදා සිට සේවය කිරීමට සූදානම් වන්නැයි අග්‍රාමාත්‍යවරයා එහිදී ගුරු විදුහල්පති වෘත්තීය සමිති වෙත දැනුම්දුන් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

කෙසේ වෙතත් ගුරු විදුහල්පති සංගම් තීරණය කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවත‘ි සාකච්ඡාවේදීද සිය ගැටළුලට විසදුම් නොලැබීම හේතුවෙන් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here