සාම්පූර් සූර්ය බලාගාර ව්‍යපෘතියකට නව ගිවිසුමකට එළඹෙයි

0
267

ත‍්‍රිකුණාමලයේ සාම්පූර් හි මෙගාවොට් 100 ක සූර්ය බලාගාරයක් සංවර්ධනය කිරීමේ හවුල් ව්‍යාපාරයක් සඳහා විදුලිබල මණ්ඩලය සහ ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාව ගිවිසුමකට එළඹ තිබෙනවා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, විදුලිබල අමාත්‍ය පවිත‍්‍රාදේවි වන්නිආරච්චි, ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඞී.වී. චානක, සූර්ය, සුළං සහ ජල විදුලි උත්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මෙන්ම ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඉන්දීය මහ කොමසාරිස් කර්යාලය සඳහන් කලේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයේදී ශ‍්‍රී ලංකාවේ සංවර්ධනය සහ ආයෝජන ඉහළ නැංවීමට සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම එකඟත්වයකට පැමිණි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here