සාමාන්‍ය පෙළ දරුවන් සහ විභාග කාර්ය මණ්ඩල සඳහා ලංගමයෙන් තෙල්! පෝලිම් වල නොඉඳ හෙට සිට තෙල්…

0
908

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ රාජකාරිවල නිරත වන නිලධාරීන්ට බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීම සඳහා විශේෂ බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. එය හෙටින් පසු ක්‍රියාත්මක වනු ඇති.

අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ දරුවන් විභාග කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය පුර්ණ සහය ලබා දෙන ලෙසය.

මේ අතර විභාග රාජකාරියේ නියැලෙන නිලධාරීන්ට අවශ්‍ය ඉන්ධන සැපයීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි අ‌ලෙවි කළමනාකරු චමින්ද සමරකෝන් මහතා සඳහන් කළේ ,ඒ පිළිබඳව දිවයින පුරා සියලුම ඉන්ධන පිරවුම්හල් දැනුවත් කර ඇති බවය.

මේ අතර විභාගය පැවැත්වෙන හෙට (23) දිනයේ සිට ජුනි 01 වැනිදා දක්වා ඉරිදා දිනයන්හි හැර මාර්ග අවහිර වන පරිදි උද්ඝෝෂණ කිරීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව පන් ලක්ෂ දාහත් දහස් හාරසිය අනූ හයකි.

ඉන් හාර ලක්ෂ හත් දහස් එකසිය විසි නව දෙනෙකුම පාසල් අයැදුම්කරුවන් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here