සාලාවේ 50% ක් වන්දි සතියකින් ?

0
300

සාලාව යුද හමුදා කඳවුරේ පතරොම් ගබඩාවෙහි සිදුවූ පිපිරීමෙන් හානියට පත් දේපොළ ඇස්තමේන්තු සියයට 90ක් අවසන් කර ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

සියයට 50කට පමණ වන්දි ඉදිරි සතියේදී දෙන බව ද ඇමතිවරයා කියයි.

මෙම පිපිරීම නිවාස හා දේපොළ 237 කට රුපියල් මිලියනයකට වැඩි හානි සිදුව ඇති අතර තවත් ස්ථාන 1794කට රුපියල් මිලියනයකට අඩු හානියක් සිදුව ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here