සාලාව නිවාස හදන්න මිලියන 1700 ක් වැය කරන්න කැබිනට් අනුමැතිය..

0
695

සාලාව පිපුරුමෙන් හානියට පත් නිවාස ඉදිකරදීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව සදහන් වේ.

ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කරන්නේ පිපුරුමෙන් නිවාස 2000කට වැඩි ප්‍රමාණයක් අර්ධ හා පූර්ණ හානියට ලක්ව ඇති බවයි.

දළ වශයෙන් රුපියල් මිලියන 1700ක මුදලක් මෙම නිවාස නැවත ඉදිකරදීම සඳහා වැය වනු ඇති බවට තක්සේරු කර ඇත.

ඒ අනුව අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා සදහන් කරන්නේ සාලාව ප්‍රදේශයේ නිවාස හානි සිදුවූ ජනතාවට එම මුදල් ලබාදී නිවාස ඉදිකරදීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් ලැබුණු වහාම ආරම්භ කරන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here