Saturday, September 21, 2024

සාලාව ප්‍රදේශයේ නිවසක මිදුලේ තිබූ මෝටාර් උණ්ඩයක කොටසක් පුපුරායෑමෙන් පාසල් සිසුවෙක් බරපතල තුවාල ලබයි

2016 වසරේ සාලාව හමුදා කඳවුර පුපුරා ගිනි ගත් අවස්ථාවේ නිවසට ගෙනැවිත් අලංකරණයට තබා තිබූ මෝටාර් උණ්ඩයක කොටසක් පුපුරා යාමෙන් 15 දරුවෙකු බරපතල තුවාල ලබා ඇති අතර මේ වන විට තුවාල ලැබූ දරුවා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කොට ඇත.

මිදුලේ අලංකාරයට සවිකර තිබු උණ්ඩ කොටසක් පුපුරායෑමෙන් පාසල් සිසුවෙකුට බරපතළයි.

මේ වන විට තුවාල ලැබූ දරුවා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා.

ඊයේ සවස 5.53 ට පමණ මෙම පිපිරීම සිදුව ඇති අතර මෙම සිසුවා එම ස්ථානයේ පාඩම් කරමින් සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.

පසුව එම ස්ථානයේ තිබූ මිලි මීටර් 130 ප්‍රමාණයේ කාලතුවක්කු වලට යොදන උණ්ඩ කොටසක් මෙසේ පිපිරී ඇති බවට පොලිසිය සැක කරනවා.

කෙසේ වෙතත් පසුගිය කාලයේ විටින් විට එම ප්‍රදේශයෙන් හමු වූ මෙවැනි බෝම්බ කොටස් ආරක්ෂක අංශ විසින් ගෙන ගොස් තිබූ අතර සමහර පුද්ගලයන් නිවාස සහ ගෙමිදුල අලංකාර කිරීම සඳහා ඒවා යොදා ගෙන තිබෙනවා.

ඊයේ පුපුරා ගොස් ඇත්තේ ද එවැනි මිදුල අලංකාරයට සවිකර තිබූ උණ්ඩ කොටසක් බවට පොලිසිය සැක කරනවා.

පිපිරීමෙන් තුවාල ලබා ඇත්තේ හංවැල්ල කලුඅග්ගල ශාන්ත ජෝන් බොස්කෝ මහා විද්‍යාලයේ 10 වන වසරේ ඉගෙනුම ලබන දිනෙත් සත්මිර නමැති පාසල් සිසුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සහ යුද හමුදාව එක්ව පරීක්ෂණ සිදු කරනු ලබනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles