සාලාව යුධ හමුදා කඳවුරේ පිපිරීමෙන් හානියට පත් නිවාස 159ක අලුත්වැඩියා කටයුතු අවසන් කර තිබේ.
යුධ හමුදා මාධ්‍ය අධ්යක්ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා සඳහන් කළේ ප්‍රදේශයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය සියලු යටිතල පහසුකම් අඛණ්ඩව ලබා දීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.
ඒ සඳහා ගුවන් හමුදාවේ හා නාවික හමුදාවේ සහ පොලිසියේ ද සහය ලැබී ඇති බව ජයනාත් ජයවීර මහතා ප්‍රකාශ කළේය.
මේ අතර ප්‍රදේශයේ ජනතාවගේ ජල අවශ්‍යතා නොඅඩුව සපුරාලීමට ජල සම්පාදන මණ්ඩලය සමඟ එක්ව යුධ හමුදාව විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
සාලාව කඳවුර අවට ප්‍රදේශයේ ළිං 1086ක් මේ වන විට පිරිසිදු කර ඇති අතර අවශ්‍යතාවය අනුව ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ජල ටැංකි ස්ථාපිත කර ඇති බව බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා සඳහන් කළේය.