Thursday, January 23, 2025

සාලාව හා කොස්ගමට කඩිනමින් විදුලිය – රංජිත් සියඹලාපිටිය

සාලාව හා කොස්ගම යන ප්‍රදේශවලට විදුලිය කඩිනමින් ලබා දීමට පියවර ගන්නා බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශකර සිටියේ අද දිනයේ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

ආරක්ෂිත පියවරක් ලෙස මණ්ඩලයේ නිලධාරීන් ඉතා යුහුසුළුව ට්‍රාන්ස්ෆෝමර් 15 ක පමණ විදුලිය විසන්ධි කළා. එය නිවාස 5000 ක පමණ ප්‍ර‍මාණයක්. අද සවස් වන විට එම නිලධාරීන්ගේ දැඩි කැපවීම සහ ආරක්ෂක හමුදා නිලධාරීන්ගේ සහයෝගයෙන් එම ට්‍රාන්ස්ෆෝමර් 15 න් 10 කට පමණ විදිලිය ලබාදීමට කටයුතු කරලා තියෙනවා.

ඉතිරි ප්‍රදේශයන්ට විදුලි ලබා දෙන්න  ආරක්ෂක හමුදාව විසින් ඒ ප්‍රදේශ නිරවුල් කරදීමේ අවශ්‍යතාවය තිබෙනවා. ඒ මාර්ගවල විදුලි කණු රාශියක් හදන්න තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉතිරි ට්‍ර‍න්ස්ෆෝමර්ස් 05න් 4ක් යථාතත්වයට පත්කර දෙන්න. එය විශේෂ වන්නේ එය යතාතත්වයට පත්කළ විට ජලප්‍රවාහන මණ්ඩලයට අවශ්‍ය විදුලිය ලබාගන්න පුලුවන්. ඒ අනුව අපි අනිද්දා වෙද්දී බලාපොරොත්තු වෙනවා සම්පූර්ණයෙන් යතාතත්වයට පත්කරන්න.

සමහර ප්‍රදේශවලට අඩු වෝල්ටීයතාවක් ඇති වෙන්න පුලුවන්. අපි විවිධ උපක්‍ර‍ම භාවිතා කරලයි විදුලිය ලබා දෙන්නේ කෙසේ වුවත් ආරක්ෂක හමුදාවෙන් නිසි අවසරය ලද වහාම දැඩි උනන්දුවෙන් ඉන්නේ මේ තත්වය යථාතත්වයට පත්කරන්න” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍ර‍කාශ කර සිටී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles