සා.පෙළ ප්‍රතිඵල අපේක්ෂකයන්ට සුබ පණිවිඩයක්..

0
472

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ලබන සතිය තුළ අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසුවේ සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ මෙතෙක් සිදුනොකිරීම හේතුවෙන් විභාග ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වී ඇති බවයි. 

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රටතුළ උද්ගත වූ තත්ත්වය හමුවේ එම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම සඳහා බාධා එල්ල වූ බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා. 

කෙසේවෙතත් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල සම්බන්ධයෙන් ලබන සතියේදී සුබ පණිවිඩයක් ලබාදීමට හැකිවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත නෙත් නිවුස් වෙත වැඩිදුරටත් සඳහන් කළා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here