“සැමට නීතිය පොදුය” – ජනපති ඒ වෙනුවෙන් කැපවෙයි

0
552

“සැමට නීතිය පොදුය” යන සංකල්පය ක්‍රියාත්මක කිරීමට තම නිල කාලය තුළ කැපවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ශක්තිමත් කිරීමට රජය සැමවිටම කටයුතු කරන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරන්නේ ද එම කරුණුවලට මුල්තැන දෙමින් බව ජනාධිපතිවරයා කියා සිටියි.

මුතූර් මහේස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here