Saturday, December 28, 2024

සැමියාගෙන් පහර කා සුසන්තිකා රෝහලේ..

තමන් කලක සිට සැමියාගෙන් වෙන්ව සිටින බවත්, වැලිවේරියේ පිහිටි නිවසට ඊයේ මධ්‍යම රාත්‍රියේ පැමිණි ඔහු තමන්ට පහරදුන් බවත්, ඔලිම්පික් පදක්කම්ලාභි සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසයි.

ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ඇය මාධ්‍ය වෙත කියා සිටියේ කාන්තාවක් වශයෙන් තමන්ට සිදුවූ මෙම විපත ගැන කනගාටුව හා ලැජ්ජාව පළකරන බවයි.

ස්වාමිපුරුෂයෙකුගෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටුනොවන විට කාන්තාවන් අපහසුතාවට පත්වන බවත්, මෙවැනි සැමියන් නිසා තමන් පමණක් නොව සමස්ත කාන්තා පරපුරම පීඩා විඳින බවත්, ඇය එහිදී පෙන්වාදුන්නාය.

ඔහු මීට පෙර අවස්ථා කිහිපයකදීම තමාට සහ තමාගේ පවුලේ සාමාජිකයන් වෙත හිරිහැර කළ බවද ඇය පැවසුවාය.

ඉදිරිකිරීම් කටයුතු වලදී යොදාගන්නා උපකරණයකින් අදාළ පහරදීම සිදු කර ඇති බව පැ‍වසෙන අතර සුසන්තිකා ජයසිංහ මහත්මියගේ  හිසට සහ පාදයට පහර කිහිපයක් එල්ල වී ඇති බව  කියැවේ.

මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සුසන්තිකා ජයසිංහ මහත්මියගේ සැමියා අත්අඩංගුවට ගත් බව වැලිවේරිය පොලීසිය සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles