සැෂේ පැකට් හා Lunchsheet තහනම සාර්ථකයි – මධ්‍යම පරිසර අධිකාරිය

0
325

ශ්‍රී ලංකාවේ පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ සැෂේ පැකට් හා ලන්ච්ෂීට් තහනම සාර්ථක වී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය විසින් පරිසර අමාත්‍යංශයට දැනුම් දී තිබෙනවා.

අධිකාරිය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පසුගිය මාර්තු 31 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කරනු ලැබූ ආහාර හා ඖෂධ නොවන සැෂේ පැකට්, ප්ලාස්ටික් කූර සහිත කොට්න් බඩ් සහ පොලිතීන් වලින් නිෂ්පාදිත සුළං පුරවන ලද සෙල්ලම් භාණ්ඩ නිෂ්පාදනය, බෙදාහැරීම හා අළෙවි කිරීම මේ වනවිට මුළුමනින්ම නැවතී ඇති බවයි.

පරිසර අමාත්‍යාංශය විසින් ලබා ගෙන ඇති තොරතුරු පරිදි වසරකට මෙරට තුළ රුපියල් කෝටි 96ක සැෂේ පැකට් අළෙවි වී ඇති බව සඳහන්.

එමෙන්ම වාර්ෂිකව පරිසරයට මුදා හරින ලන්ච්ෂීට් ප්‍රමාණය මිලියන 5475 ඉක්මවන බවට ද වාර්තා වී තිබෙනවා.

මෙම වසර අවසන් වීමට ප්‍රථම මේ සම්බන්ධ වැටලීම් 4930ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය විසින් වාර්තාවක් පරිසර අමාත්‍යවරයාට භාර දීමට කටයුතු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here