සැහැල්ලු දුම්රිය සේවා දෙකක් ජපානය බාර ගනී

0
343

කොළඹ නගරය හා සම්බන්ධ වන අවට නාගරික ප්‍රදේශ සම්බන්ධව ස්ථාපිත කිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය සේවා පද්ධති (LRT) 7න් මාර්ග දෙකක් ඉඳි කිරීම ජපන් සමාගම් දෙකක් විසින් බාර ගැනීමට පියවර ගෙන ඇතැයි බස්නාහිර පළාත් හා මහනගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා  කීය.

මේ යටතේ බත්තරමුල්ල පරිපාලන නගරය හා කොළඹ වාණිජ නගරය සම්බන්ධ වන සැහැල්ලු දුම්රිය මාර්ගය සහ මරදාන – බොරැල්ල – රෝහල් හා ප්‍රධාන නගර සම්බන්ධ වන සේ ඉඳි කෙරෙන මාර්ගය සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 1200ක් ජපන් සමාගම් විසින් ආයෝජනයට කටයුතු කර ඇති බවත් සෙසු මාර්ග 5 සඳහාද විදේශ ආධාර බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here