සෑම කෙනෙකුටම නිවසේ රැඳී සිටින ලෙස ඉල්ලා සිටි ඉන්දීය සිනමා තරුවක් කොවිඩ්වලට බිලි(වීඩියෝ)

0
843

ඉන්දීය සිනමාවේ බොහෝ චරිත ප්‍රමාණයක් සඳහා සිය රංගන දායකත්වය ලබාදුන් බික්‍රම්ජීත් කන්වර්පාල් කොවිඩ්-19 වෛරසයට ගොදුරු වීම නිසා මියගොස් ඇත. ඔහු මිය යන විට 52 හැවිරිදි වියේ පසූ වු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මුම්බායි හි සෙවන් හිල්ස් රෝහලට ඇතුළත් කළ අතර එහිදී ඔහු අවසන් හුස්ම හෙළීය. ඔහු විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වූ අතර බොහෝ චිත්‍රපට හා රූපවාහිනී කතා මාලාවල සහාය චරිත නිරූපණය කළේය. එසේම බික්‍රම්ජීත් කන්වර්පාල්, පසුගිය වසරේදී යූ ටියුබ් හි වීඩියෝවක් බෙදාගෙන ඇති අතර, සෑම කෙනෙකුටම නිවසේ රැඳී සිටින ලෙස  එහිදී ඉල්ලා සිටියේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here