සිංගප්පූරුව දියුණු වුණේ රටේම ඉඩම් විකුණලා – එස්.බී

0
324

ලී ක්වාන් යූ සිංගප්පූරුව අද පවතින තත්වයට විශාල දියුණුවකට ගෙන ආවේ රටේ සමස්ත ඉඩම් සින්නක්කරව විකිණීමෙන් බව කර්මාන්ත ඇමති එස්.බී. දිසානායක සඳහන් කරයි.

උත්සව අවස්ථාවකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

‘සිංගප්පූරුවේ මුළු ඉඩම් ප්‍රමාණය වර්ග කිලෝමීටර 729යි. මුළු කොළඹ දිස්ත්‍රික්කයටම වඩා වර්ග කිලෝමීටර් අටයි ලොකු සිංගප්පූරුව.

සිංගප්පූරුව ආයෝජකයන්ට කිව්වේ මොකද්ද ඇවිල්ල සල්ලි දීලා ඉඩම් ගන්න කියලා.

සින්නක්කර ඉඩම් සින්නක්කර ගොඩනැගිලි අරගෙන තමයි ඒවට ආයෝජකයො ආවේ. අද එන්නෙත්.

අද මොකද වෙලා තියෙන්නෙ ඒක පුද්ගල ආදායම 64000යි. අපේ 3600යි.

ඔය විකුණන කතාව ඒ කාලෙදි ලි ක්වාන් යූට කිවුවම කිව්වේ ඔව් මම විකුනණවා හැබැයි මම කාටවත් ඉඩම් ගෙනියන්න දෙන්න කියලා. විකුනණ්නේ රටේ ඉඳගෙන ව්‍යාපාර කරන්න කියලා’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here