Sunday, September 22, 2024

සිංගප්පූරුව සමග නිදහස් වෙළද ගිවිසුමක්

මේ වසර අවසානයෙදි ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත ඉට්කා ගිවිසුම අත්සන් කිරිමට හැකිවෙනු ඇති බවත් එසේම  ලබන වසර අවසානය වෙන විට සිංගප්පූරුව සමග නිදහස් වෙළද ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

සිංගප්පූරුවේ රැෆල් සම්ම්න්ත්‍රණ ශාලාවේ පැවැති තෙවැනි දකුණු ආසියානු ඩයස්පෝරා සමුළුවේ විශේෂ ආරාධිතයා වශයෙන් එක්වූ අග්‍රාමාත්‍යවරයා එහි ප්‍රධාන දේශනය කරමින් ඉහත අදහස් දැක්වීය.

එසේම ශ්‍රී ලංකා චීනය සමග පමණක් කටයුතු නොකරන බවත සියලු රටවල් සඳහා ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා ආරාධනා කර ඇති බවත් මෙහිදි අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වෙන නරග 50 අතරනි ශ්‍රී ලංකාවෙ කොළඹ නගරයට 20 වැන ස්ථානය හිමිව තිබෙන බවත් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදි ප්‍රකාශ කළේය.

බදු ප්‍රතිපත්තිය ලිහිල් කරමින ශ්‍රී ලංකාවේ ආයොජනය සඳහා ව්‍යාපාරිකයන්ට  හොඳ වටපිටාවක් නිර්මාණය කර තිබෙන බවද අග්‍රාමාත්‍යවර මෙහිදි පැවැසිය. මානව සංවර්ධන දර්ශකයෙන් දකුණු ආසියාවේ හොඳම රට ශ්‍රී ලංකාව බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා, සිංගප්පූරුව හා ඩුබායි අතරමැද පවතින කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රි ලංකාව සංවර්ධනය කරන බවද පැවැසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles